(Economical Efficiency in Sinhala) ආර්ථික කාර්යක්ෂමතාවය

ආර්ථික කාර්යක්ෂමතාවය ගැන අදහසක් ගන්න පහළ තියෙන රූපය දිහා බලන්න. මේ රූපයෙ තියෙන්නේ ඉදිකිරීම් කටයුතු කරන ආයතන 2ක්.
පළවෙනි ආයතනයෙ ඉන්නවා සේවකයෝ 200ක් හැබැයි දවසකටම හදන්නෙ ගෙවල් 50ක් විතරයි. ඒත් 2වෙනි ආයතනයේ ඉන්න සේවකයො 25 දෙනාගෙන එයාලා දවසකට ගෙවල් හදනවා 250ක්.
එහෙනම් අපිට නිගමනයක් ගන්න පුළුවන් මොන ආයතනයද කාර්යක්ෂම කියලා. කාර්යක්ෂම ආයතනය 2වැනි ආයතනය. හේතුව අඩු යෙදවුම් ප්‍රමාණයකින් ලොකු නිමැවුමක් ගන්න එක.

මෙන්න මෙහෙම අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමැවුමක් ගන්න එකට අපි කියන්නෙ නිෂ්පාදන කාර්යක්ෂමතාව කියලා. (ඒක කලින් ලිපියකදි අපි මීටත් වඩා පැහැදිලිව කථාකරලා තියෙනවා)

හැබැයි මෙහෙම අවම යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමැවුමක් ගත්තා කියලා ආර්ථික කාර්මක්ෂමතාවය ඉෂ්ට වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ නිෂ්පාදනය කාර්යක්ෂම වුණා කියලා ආර්ථික කාර්යක්ෂමතාවය ඇතිවෙන්නෙ නැහැ. ඒක බලන්නකො පහත රූපයෙන්.

දැන් අර අපි උඩදි නිෂ්පාදනය කාර්යක්ෂමයි කියාපු 2වැනි ඉදිකිරීම් ආයතනයට කොන්ත්‍රාත් එකක් ලැබෙනවා. ඒක තමයි ගමට පාරක් හදල දෙන්න. දැන් ඒ 2වැනි ආයතනය අඩු යෙදවුම් ප්‍රමාණයකින් කාර්යක්ෂමව ගමට හදලා දෙනවා පිට්ටනයක්. ඉල්ලුවෙ පාරක් දුන්නෙ පිට්ටනියක්. (ඕන් බලන්නකො ඒකෙත් හැටි නේද? )

ඉතිං දැන් ඔයාලම හිතල බලන්න එහෙම ආර්ථිකයත් කාර්යක්ෂම ද? නැහැ එහෙම අපි ඉල්ලන දේ දෙන්නෙ නැති ආර්ථිකයක් කාර්යක්ෂම නැහැ.

අඩු යෙදවුම් ප්‍රමාණයකින් ලොකු නිමැවුමක් බිහිකරත් ඒක මිනිස්සු ඉල්ලපු කැමති දේ නෙමෙයි නම් වැඩක් නැහැ.
ඒ වගේම සමාජයක් විදිහට අපි ඉල්ලන දේ ක්ෂණිකව නිෂ්පාදන කාර්යක්ෂමතාවකින් සපයලා දෙන්නෙ නැත්තම් ඒකෙ වැඩකුත් නැහැ.

එහෙනම් ආර්ථිකය කාර්යක්ෂම වෙන්න කොන්දේසි 2ක් බලපානවා කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති.

1) හදන දේ අඩුම යෙදවුම් ප්‍රමාණෙකින් හදන්න ඕනෙ (ඒ කියන්නෙ නිෂ්පාදනය කාර්යක්ෂමතාවය තියෙන්න ඕනෙ)

2) ඒ සම්පත් වලින් බිහිකරන දේ මිනිස්සු කැමති ඒ කියන්නෙ වරණය කරන දෙයක් වෙන්නත් ඕනෙ. ( ඒකට අපි කියන්නෙ සම්පත් බෙදාහැරීමේ කාර්යක්ෂමතාවය කියල)

එහෙනම් සමාජයක් සතු සම්පත් ඒ සමාජය වඩාත් කැමති ඒ කියන්නෙ වරණය කරන භාණ්ඩ හදන්න උපරිම විදිහට යෙදවීම තමයි ආර්ථික කාර්යත්ෂමතාවය. වෙනත් විදිහකින් තියනව නම් අවම යෙදවුම් වලින් උපරිම නිමැවුම ගන්නත් ඕනෙ ඒකෙන් සමාජය කැමති දේවල් හදන්නත් ඕනෙ.
අපේ උදාහරණෙන් කියනව නම් ගමට පාර හැදෙන්නත් ඕනෙ, ඒක ඉක්මණින් අඩුම යෙදවුම් පිරිවැයක් යටතේ හදන්නත් ඕනෙ.

ඔබ ආර්ථික මිනිසෙක් ද? (Homo economicus)

ආර්ථික මිනිස්සු කියන එක ආර්ථික විද්‍යාව පුරාවටම වැදගත් වචනයක් මොකද ආර්ථික විද්‍යාවේ හැම න්‍යායක්ම හදන්නේ සමාජයේ මිනිස්සු ආර්ථික මිනිස්සු කියන උපකල්පනය උඩ. මේ ලිපිය ඉවර වුනාම ඔයාලටත් පුළුවන් ඔයා ආර්ථික මිනිසෙක් ද? කියන දේ දැනගන්න.

ඒ හැමදේටම කලින්  පහළ තියෙන රූපය දිහා බලන්න.


මේකේ ඉන්නවා පුද්ගලයෙක්. ඔහු ළඟ තියෙනවා ඉඩමක්.දැන් ඔහු කල්පනා කරනවා මේ ඉඩමේ මොනවද වවන්නේ කියන එක.

බලන්න මේ ඉඩමෙ වී වැව්වොත් එයාට මාසෙකට රු 40000ක ලාභයක් ලැබෙනවා.
ඒ වගේම එයා වී වැව්වොත් රටේ ඒක අපේ රටේ ප්‍රධාන ආහාරය නිසා සමාජයටත් ප්‍රතිලාභයක් (වාසියක්) තියෙනවා.

ඒ වගේම මේ ඉඩමෙ ඒ පුද්ගලයාට දුම්කොළ වවන්නත් පුළුවන්.
දුම්කොළ වැව්වොත් එයාට රුපියල් 100000ක ලාභයක් ලැබෙනවා.
හැබැයි දුම්කොළ වැව්වොත් සමාජයට ඒ දුම්කොළ නිෂ්පාදන නිසා ඇතිවෙන්නෙ ප්‍රතිලාභයක් ( වාසියක්) නෙමෙයි. දුම්කොළ නිෂ්පාදන වලින් සමාජයට ඇතිවෙන්නෙ පිරිවැයක් (අවාසියක්).

ඒත් හිතන්න මේ පුද්ල්‍ගලයා තාර්කික නිෂ්පාදකයෙක් නම් වවන්නෙ මොනවද?
අනිවාර්යයෙන් වවන්නෙ දුම්කොළ.
ඇයි?
වී වැව්වොත් එයාට හම්බෙන්නෙ 40000යි. හැබැයි දුම්කොළ වැව්වොත් 100000ක් ( වී වවනවාට වඩා රු.60000 ක්) ලැබෙනවා.

හිතන්න මේ තීර‍ණය ගන්නකොට මේ පුද්ගලයා හිතුවේ තමන් කරන දෙයින් සමාජයට ඇතිවෙන්නෙ වාසියක්ද අවාසියක්ද තියන දේ නෙමෙයි. මේ පුද්ගලයා තීරණ ගත‍්තේ තමන්ගේ වාසිය උපරිම වෙන විදිහට. තමන්ට වැඩිම ලාභයක් ලැවෙන විදිහට.

මෙහෙම ආර්ථික විද්‍යාත්මකව තාර්කිකව හිතලා තමන්ගේ පෞද්ගලික ප්‍රතිලාභ උපරිම කරන්න ක්‍රියාකරන, ඊට බාහිර තීරණ නොගන්න මිනිස්සුන්ට තමයි සරලව ආර්ථික මිනිස්සු කියනනේ.

අපි මේ කථාකරපු දේ ඇඩම් ස්මිත් එක වාක්‍යයෙන් කියනවා.

"It is not from the benevolence of the butcher, the brewer, or the baker that we expect our 
dinner, but from their regard to their own interest."


( මස්කඩ හිමියා, බීර පෙරන්නා, බේකරි හිමියා අපිට කෑම ටික ලබාදෙන්නෙ අපි ගැන ඇති කරුණාවක් නිසා නෙමෙයි, ඔවුන්ගෙ වාසිය නිසා)

MCQ PAPER - Kingswood College 09

Support this Effort by Promoting this site and our facebook Fan Page( www.fb.com/logicofecon )If you have got any important document, idea about econ or logic please send it via email. contacthirantha@gmail.com





Grade 12 Paper 2001 Kingswood College

Support this Effort by Promoting this site and our facebook Fan Page
( www.fb.com/logicofecon )
If you have got any important document, idea about econ or logic please send it via email.

contacthirantha@gmail.com



නිරපේක්ෂ වාසිය හඳුනගන්න (Absolute Advantage)

Support this Effort by Promoting this site and our facebook Fan Page
If you have got any important document, idea about econ or logic please send it via email.

contacthirantha@gmail.com
www.hiranthaimesh.webs.com



 ඉස්සර මේ ලෝකෙ රටවල් ස්වයංපෝෂිතව හිටියේ. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය භාණ්ඩ සියල්ලම තමන්ම නිපදවාගත්තා. ඒ කාලේ රටවල් හිතුවේ තවත් රටක් එක්ක වෙළඳාම් කරන එක එක් පාර්ශවයකට විතරක් වාසිදායකයි කියලා. හැබැයි මේ මත අයින්කරලා ඇඩම් ස්මිත් නිරපේක්ෂ වාසිය කියන සංකල්පය හඳුන්වලා දුන්නා. ඒකෙන් ඔහු ඔප්පු කළා විදේශ  ෙවළඳාමෙන් දෙපාර්ශවයටම වාසි වෙන බව.

නිරපේක්ෂ වාසිය කියන සංකල්පයෙන් සරලව කියවෙන්නේ රටවල් 2ක්  භාණ්ඩ 2ක් නිපදවන්කොට එක රටකට අනිත් රටට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් භාණ්ඩයක් නිපදවන්න පුළුවන් නම් ඒ භාණ්ඩය අපනයනය කරලා නිෂ්පාදනය අකාර්යක්ෂම භාණඩය ආනයනය කරන්න ඕනෙ කියන එකයි.

ඒක පැහැදිලි නැතිනම් පහළ රූප සටහන බලන්න.


මේකෙදි ඔබට රටවල් 2ක් පේනවා.
(වම් පැත්තෙන් ජපානය - දකුණු පැත්තෙන් ශ්‍රී ලංකාව)

මේ රටවල් 2 භාණ්ඩ 2ක් නිෂ්පාදනය කරනවා.
1. කාර්
2. තේ

බලන්න ජපානය කාර් නිෂ්පාදනය කරන්න කාර්යක්ෂමයි ඒත් ශ්‍රී ලංකාව කාර් නිෂ්පාදනය කරන්න අකාර්යක්ෂමයි. මේ නිසා මොකද වෙන්නේ? 
*ජපානය ලංකාවට කාර් අපනයනය කරනවා - ලංකාව ජපානයෙන් කාර් ආනයනය කරනවා

දැන් බලන්න තේ නිෂ්පාදනය දිහා,
ශ්‍රී ලංකාව තේ නිෂ්පාදනය කරන්න කාර්යක්ෂමයි ඒත් ජපානය තේ නිෂ්පාදනය කරන්න අකාර්යක්ෂමයි.
මේ නිසා මොකද වෙනනේ?
*ලංකාව ජපානයට තේ අපනයනය කරනවා - ජපානය ලංකාවෙන් තේ ආනයනය කරනවා.

හරි දැන් ආයෙත් ප්‍රශ්නයක් එනවා. ඒක තමයි යම් භාණ්ඩයක් නිපදවන්න කාර්යක්ෂම රට හොයාගන්නෙ කොහෙමද ? කියන එක.

ඇත්ත වශයෙන්ම ඒක හොයාගන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා.

1 ක්‍රමය - යම් සමාන යෙදවුම් ප්‍රමාණයක් මගින් නිපදවිය හැකි යෙදවුම් ආශ්‍රයෙන්

2 ක්‍රමය - යම් සමාන නිමැවමක් ලබාගැනීමට අවශ්‍ය යෙදවුම් ආශ්‍රයෙන්

මේ ක්‍රම 2 හරිම සරලයි. අපි ඒ ක්‍රම 2 ගැන පිළිවෙළට කථා කරමු.



1 ක්‍රමය

මේ ක්‍රමය පැහැදිලි කරගන්න පහළ තියෙන රූප සටහන් 2 බලන්න.
ඒකෙදි ශ්‍රී ලංකාවයි පාකිස්ථානයයි කියන එටවල් 2 ඔරලෝසු, ඇඳුම් කියන භාණ්ඩ වර්ග 2 නිපදවනවා.
එක ශ්‍රමිකයෙක්ට දවසකදි කරන්න පුළුවන් වැඩයි තියෙන්නේ.


ඔබට පේනවා  ලංකා‍වේ ශ්‍රමිකයෙක්ට දවසකදී ඔර්ලොසු 2ක් විතරයි නිපදවන්න පුළුවන්. ඒත් පාකිස්ථාකයේ ශ්‍රමිකයෙක්ට දවසකට ඔර්ලෝසු 4ක් නිපදවන්න පුළුවන්. මේ නිසා ඔර්ලෝසු නිපදවන්න කාර්යක්ෂම කවුද?

ඔර්ලොසු නිපදවන්න කාර්යක්ෂම පාකිස්ථානය. හේතුව එහෙ ශ්‍රමිකයෙක්ට එක දවසකදි, ලංකාවට වඩා ඔර්ලෝසු 2ක් වැඩියෙන් නිපදවන්න පුළුවන්. ඒ හින්දා පාකිස්ථානය ලංකාවට ඔර්ලෝසු අපනයනය කරනවා.

දැන් අවධානය ගෙනියන්න ඊළඟ රූපය දිහාට...


මේ රූපයෙදි ඇඳුම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නිරූපණය කරනවා. බලන්න ලංකාවේ ශ්‍රමිකයෙක්ට දවසකදී ඇඳුම් 5ක් මහන්න පුළුවන්. ඒත් පාකිස්ථානයේ ශ්‍රමිකයෙකුට දවසකදි මහන්න පුළුවන් 1 ඇඳුමක් විතරයි. එහෙනම් ඇඳුම් නිෂ්පාදනය කාර්යක්ෂම කාටද? 

උත්තරේ ලංකාවට. හේතුව පාකිස්ථානේ ශ්‍රමිකයෙක්ට වඩා ඇඳුම් 4ක් අපේ ශ්‍රමිකෙයක්ට දවසකදි වැඩියෙන් මහන්න පුළුවන්. ෙම් නිසා ලංකාව පාකිස්ථානයට ඇඳුම් අපනයනය කරනවා.

(බලන්න මේ ක්‍රමයෙදි ලංකාවෙ ඉන්නෙත් ශ්‍රමිකයයි. පාකිස්ථාකයේ ඉන්නෙත් ශ්‍රමිකයයි. ඒ වගේම එයාලට ලැබෙන කාලයත් දවසයි. ඒ කියනනෙ සමාන යෙදවුම් දකින්නට තියෙනවා)

-වෙළඳාම වෙන්නෙ මෙහෙමයි-




2 ක්‍රමය‍

කලින් වගේම මේකත් රූප සටහන් වලින්ම කථාකරමු.

ඉන්දියාවයි ඇමරිකාවයි කියන රටවල් 2ම ජංගම දුරකථනයි පරිගණකයි නිපදවනවා කියලා හිතන්න.

බලන්න ඉන්දියාවට ජංගම දුරකථනය 1ක් නිපදවීමට ශ්‍රමිකයයො අවශ්‍ය 1කෙනයි. ඒත් ඇමරිකාවට ජංගම දුරකථනය 1ක් නිපදවීමට ශ්‍රමිකයො 2ක් අවශ්‍යයි ජංගම දුරකථනයක් හදන්න.
දැන් එහෙනම් ඔබට පිළිතුරක් දෙන්න පුළුවන් මේ ප්‍රශ්නයට.

ජංගම දුරකථන නිපදවීම කාර්යක්ෂම කාටද? පිළිතුර ජංගම දුරකථන නිපදවීම කාර්යක්ෂම ඉන්දියාවට.හේතුව ඉන්දියාවට 1ක් ශ්‍රමිකයෙක්ගෙන් හදන්න පුළුවන් ජංගම දුරකථනය නිපදවන්න ඇමරිකාවට ශ්‍රමිකයො 2ක් ඕන නිසා.  ඒ හින්දා ඉන්දියාවෙන් ඇමරිකාවට ජංගම දුරකථන අපනයනය කරන්න ඕනේ.

දැන් බලන්න පරිගණක....

පරිගණක 1ක‍් හදන්න ඇමරිකාවට ඕනෙ 1ක ශ්‍රමිකයයි. ඒක් ඉන්දියාවට ශ්‍රමිකයො 2ක් ඕනේ. එහෙනම් පරිගණක හදන එක කාර්යක්ෂම කාටද? පරිගණක හදන එක කාර්යක්ෂම ඇමරිකාවට, හේතුව ඇමරිකාවට පරිගණකයක් හදන්න ඕනෙ ඉන්දියාවට වඩා අඩු ශ්‍රමිකයන් ප්‍රමාණයක් නිසා. මේ නිසා ඇමරිකාව ඉන්දියාවට පරිගණක යවන්න ඕනෙ.

(හොඳට බලන්න ෙම් ක්‍රමෙයදි නිමැවුද සමානයි. ඉන්දියාවත් හදන්නෙ දුරකථන 1යි, පරිගණක 1යි. ඒත් ඒ නිමැවුම ගන්න අවශ්‍ය යෙදවුම් ප්‍රමාණය රටින් රටට වෙනස්)

එතැනදි වෙළඳාම වෙන්නෙ මෙහෙමයි.

මෙන්න මෙහෙම තමා නිරපේක්ෂ වාසිය මත වෙළඳාම වෙන්නේ. එක් රටකට එක භාණ්ඩයක් නිපදවන එක කාර්යක්ෂමයි අනික් රටට අනික් භාණ්ඩය නිපදවන එක කාර්යක්ෂමයි. වෙළඳාමෙදි කාර්යක්ෂම භාණ්ඩය අපනයනය කරනවා.

(මේ වෙළඳාම රටවල් වලට වාසි ගෙනෙන හැටි ඊළඟ ලිපියෙදි අපි හඳුනාගමු.)