![]() |
රූපය 1 |
මේ නිෂ්පාදනායතනය සේවකයො 5 දෙනෙක්ගෙන් භාණ්ඩ 450ක් නිෂ්පාදනය කරනවා.
- දැන් බලන්න අනිත් නිෂ්පාදන ආයතනය දිහා,
![]() |
රූපය 2 |
මේ නිෂ්පාදනායතනය සේවකයො 5 දෙනෙක්ගෙන් භාණ්ඩ 450ක් නිෂ්පාදනය කරනවා.
දැන් හිතන්න මොන ආයතනයේද නිෂ්පාදනය කාර්යක්ෂම ? පළවෙනි රූපයෙන් පෙන්වන එකේ ද, 2වෙනි රූපයෙන් පෙන්වන එකේ ද?
උත්තරේ පළවෙනි රූපයේ පෙන්වන නිෂ්පාදන ආයතනයේ.
ඇයි අපි එහෙම කියන්නෙ - අඩු සේවකයන් ප්‍රමාණයකින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් බිහිකරන නිසා.
සේවකයො කියන්නෙ යෙදවුමක්. භාණ්ඩ කියන්නෙ ඒ නිෂ්පාදන ආයතනයේ නිමැවුම්.
එහෙනම් අපි මේ ආතනයේ නිෂ්පාදනය කාර්යක්ෂමයි කියන්නෙ අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමැවුමක් ලබාගන්න නිසා.
එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන්නෙ යම් අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමැවුම ලබාගැනීම.
හරි දැන් අපි නිෂ්පාදන කාර්යක්ෂමතාවය හඳුනාගෙන ඉවර නිසා පොඩ්ඩක් පහත රූපය දිහාත් බලන්න. (රූපය 3)
![]() |
රූපය 3 |
මේකෙ ඉන්නෙ ලංකාවෙ ඉන්න මිනිස්සු කියලා හිතන්න. මිනිස්සු 6දොනක් ඉන්නවා. ඒකෙන් නිල් පාට අය මොකක් හරි නිෂ්පාදනේකට දායක වෙන අය. තැඹිලි පාට අය රැකියාවක් නැතිව ඉන්න අය.
ඒ කියන්නෙ 4 දෙනෙක්ට රැකියා තියෙනවා 2ක්ට නැහැ. එතකොට ලංකාවට උපරිම භාණ්ඩ ප්‍රමාණය හදන්න පුළුවන්ද?
බෑග හේතුව 2ක්ට රැකියා නැති නිසා එයාලගෙන් ගන්න තිබුණු නිමැවුම අපිට නැතිවෙන හින්දා. එහෙනම් ලංකාවෙ නිෂ්පාදනය කාර්යක්ෂමයි ද?
නැහැ. හේතුව රටේ සම්පත් 2ක් නිෂ්පාදනයට යෙදවිලා නැති නිසා.
එහෙනම් නිෂ්පාදනයෙ කාර්යක්ෂමතාවය ළඟාකරගන්න නම් වර්තමානයේදී නිෂ්පාදනයට යොදාගන්න පුළුවන් හැම සම්පතක්ම (ශ්‍රමය,ප්‍රාග්ධනය ආදිය) නිෂ්පාදනයට යොදාගන්න ඕනේ. මේකට අපි කියනවා පූර්ණ සේවා නියුක්තිය කියලා.
හැබැයි හිතන්න හැම සම්පතක්ම නිෂ්පාදනයට යෙදෙව්වා කියලා උපරිම නිමැවුම ලැබෙනව ද?
4වෙනි රූපය බලන්න.
මේකෙදි හැම සම්පතක්ම නිෂ්පාදනයට යොදාගෙන තියෙනවා. ඒ කියන්නෙ ආර්ථිකය පූර්ණ සේවා නියුක්තයි.
ඒත් මේ රූපයේ රවුම් කරලා තියෙන මිනිස්සු දිහා බලන්න. එක්කෙනෙක්ගෙ සෞඛ්‍යය හොඳ නැහැ. අනිත් කෙනා රැකියාවක් කළත් හරියට වැඩ කරන්නෙ නැහැ. අපි කියන්නෙ අයිස් ගහනව කියලා.
ඉතිං දැන් හිතන්න අපිට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත්පත් කරගන්න පුළුවන් ද? ඒ කීවේ මෙ තියෙන සම්පත් වලින් උපරිම නිමැවුම ගන්න පුළුවන් ද?
බැහැ.
උපරිම නිමැවුම ගන්න නම් ඒ කියන්නෙ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ළඟාකරගන්න නම් හැම සම්පතක්ම නිෂ්පාදනයට යොදවලා විතරත් මදි. ඒ සම්පත් උපරිම විදිහට පාවිච්චි කරන්නත් ඕනෙ. ඒ කියන්නෙ මේ රූපෙ නිෂ්පාදනයට උපරිම වශයෙන් දායක වෙන්නෙ නැති දෙනනගෙනුත් නිෂ්පාදනයට උපරිම දායකත්වය ගන්න ඕනෙ.
අන්න එහෙම නිෂ්පාදනයට භාවිත කරන සම්පත් භාණ්ඩ හා සේවා හදන්න උපරිම දායකත්වයක් ලබා දීම පූර්ණ නිෂ්පාදනය විදිහට හඳුන්වනවා.
එහෙනම් නිෂ්පාදන කාර්යක්ෂමතාවයට අවශ්‍ය කොන්දේසි 2යි.

- පූර්ණ සේවා නියුක්තිය
- පූර්ණ නිෂ්පාදනය
මෙහෙම හැම සම්පතක්ම නිෂ්පාදනයට යොදවලා ඒ සම්පත් භාගෙට පාවිච්චි කරන්නෙ නැතුව උපරිමෙන් පාවිච්චි කළොත්, ඒ කියන්නෙ පූර්ණ සේවා නියුක්තියකුයි පූර්ණ නිෂ්පාදනේකුයි තිබ්බොත් අපිට තියෙන සම්පත් වලින් උපිරිම නිමැවුම ගන්න පුළුවන්. ඒ කියන්නෙ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ළඟාකරගන්න පුළුවන්.
No comments:
Post a Comment