ඔබ ආර්ථික මිනිසෙක් ද? (Homo economicus)

ආර්ථික මිනිස්සු කියන එක ආර්ථික විද්‍යාව පුරාවටම වැදගත් වචනයක් මොකද ආර්ථික විද්‍යාවේ හැම න්‍යායක්ම හදන්නේ සමාජයේ මිනිස්සු ආර්ථික මිනිස්සු කියන උපකල්පනය උඩ. මේ ලිපිය ඉවර වුනාම ඔයාලටත් පුළුවන් ඔයා ආර්ථික මිනිසෙක් ද? කියන දේ දැනගන්න.

ඒ හැමදේටම කලින්  පහළ තියෙන රූපය දිහා බලන්න.


මේකේ ඉන්නවා පුද්ගලයෙක්. ඔහු ළඟ තියෙනවා ඉඩමක්.දැන් ඔහු කල්පනා කරනවා මේ ඉඩමේ මොනවද වවන්නේ කියන එක.

බලන්න මේ ඉඩමෙ වී වැව්වොත් එයාට මාසෙකට රු 40000ක ලාභයක් ලැබෙනවා.
ඒ වගේම එයා වී වැව්වොත් රටේ ඒක අපේ රටේ ප්‍රධාන ආහාරය නිසා සමාජයටත් ප්‍රතිලාභයක් (වාසියක්) තියෙනවා.

ඒ වගේම මේ ඉඩමෙ ඒ පුද්ගලයාට දුම්කොළ වවන්නත් පුළුවන්.
දුම්කොළ වැව්වොත් එයාට රුපියල් 100000ක ලාභයක් ලැබෙනවා.
හැබැයි දුම්කොළ වැව්වොත් සමාජයට ඒ දුම්කොළ නිෂ්පාදන නිසා ඇතිවෙන්නෙ ප්‍රතිලාභයක් ( වාසියක්) නෙමෙයි. දුම්කොළ නිෂ්පාදන වලින් සමාජයට ඇතිවෙන්නෙ පිරිවැයක් (අවාසියක්).

ඒත් හිතන්න මේ පුද්ල්‍ගලයා තාර්කික නිෂ්පාදකයෙක් නම් වවන්නෙ මොනවද?
අනිවාර්යයෙන් වවන්නෙ දුම්කොළ.
ඇයි?
වී වැව්වොත් එයාට හම්බෙන්නෙ 40000යි. හැබැයි දුම්කොළ වැව්වොත් 100000ක් ( වී වවනවාට වඩා රු.60000 ක්) ලැබෙනවා.

හිතන්න මේ තීර‍ණය ගන්නකොට මේ පුද්ගලයා හිතුවේ තමන් කරන දෙයින් සමාජයට ඇතිවෙන්නෙ වාසියක්ද අවාසියක්ද තියන දේ නෙමෙයි. මේ පුද්ගලයා තීරණ ගත‍්තේ තමන්ගේ වාසිය උපරිම වෙන විදිහට. තමන්ට වැඩිම ලාභයක් ලැවෙන විදිහට.

මෙහෙම ආර්ථික විද්‍යාත්මකව තාර්කිකව හිතලා තමන්ගේ පෞද්ගලික ප්‍රතිලාභ උපරිම කරන්න ක්‍රියාකරන, ඊට බාහිර තීරණ නොගන්න මිනිස්සුන්ට තමයි සරලව ආර්ථික මිනිස්සු කියනනේ.

අපි මේ කථාකරපු දේ ඇඩම් ස්මිත් එක වාක්‍යයෙන් කියනවා.

"It is not from the benevolence of the butcher, the brewer, or the baker that we expect our 
dinner, but from their regard to their own interest."


( මස්කඩ හිමියා, බීර පෙරන්නා, බේකරි හිමියා අපිට කෑම ටික ලබාදෙන්නෙ අපි ගැන ඇති කරුණාවක් නිසා නෙමෙයි, ඔවුන්ගෙ වාසිය නිසා)

No comments:

Post a Comment