පාරිභෝගික ස්වාධිපත්‍යය (Consumers sovereignty)

පාරිභෝගික ස්වාධිපත්‍යය කියන වචනය හම්බවෙන්නෙ විශේෂයෙන්ම ආර්ථික පද්ධති කියන පාඩමේදි. මේ සංකල්පයේ තියෙන තාර්කික ස්වභාවය නිසාම ඒ ගැන අදහසක් තමයි මේ ලිපියෙන් ඉදිරිපත් වෙන්නේ.

පාරිභෝගික ස්වාධිපත්‍යය කියන දේ ආර්ථික විද්‍යාවෙදි බොහෝ වෙලාවට අර්ථකතනය වෙන්නෙ පාරිභෝගිකයා ආර්ථිකය තුළ සිටින අවසාන බලධරයා වීම කියන වචන කීපයෙන්. ඒත් මේක මීට වඩා සුන්දර පුළුල් කාරණාවක්.

ඒ ගැන අඳුනගන්න පහත තියෙන රූප සටහන දිහා බලන්න.


මේකෙන් ඔයාලට පේන්නේ මන්චි ක්‍රීම් ක්‍රැකර් වෙළඳපළ. බලන්න පාරිභෝගකයො බිස්කට් පැකට්  1000ක් ඉල්ලුම් කරනවා. නිෂ්පාදනායතනය ඒ නිසා නිපදවන්නෙත් පාරිභෝගිකයො ඉල්ලන ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක්.  අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් හදන්නෙත් නැහැ ඒක සම්පත් නාස්තියක් නිසා, අඩුවෙන් හදන්නෙත් නැහැනේ. ඒක ආයතනෙට පාඩුවක්. අපි හිතමු ආයතනය 1100ක් හදන්න තීරණය කරනවා කියලා. (ප්‍රශ්නයත් ඇතිකරගන්න එපා ඇයි 1000ක්ම හදන්නෙ නැත්තෙ කියලා, වෙළඳලළේ ඉල්ලුම පු‍රෝකථනය කරන්න බැරි නිසයි ඒ ආසන්න ගාණක් හදන්නෙ සැපයුම අඛණ්ඩව තියාගන්න)

දැන් එයාලට මේ බිස්කට් හදන්න සේවකයො ඕනෙ. මැෂින් ඕනෙ, ලොරි ඕනෙ. අපි උපකල්පනය කරමු මන්චි ආයතනය මේ බිස්කට් 1100 හදනන් ශ්‍රමිකයො 100ක් මැෂින් 10ක් ලොරි 2ක් තියාගෙන ඉන්නවා කියලා.

දැන් ඒ කතන්දරේ එතැනින් ඉවරයි. දැන් පහළ රූපය දිහා බලන්න.



































මොකද වෙලා තියෙන්නෙ?

පාරිභෝගිකයෝ බිස්කට් ඉල්ලුම වැඩි කරලා. බලන්න පළවෙනි රූපයේ බිස්කට් ඉල්ලුවෙ 1000යි ඒත් දැන් එයාලා බිස්කට් 1500ක් ඉල්ලුම් කරනවා. ඉල්ලුම 500කින් වැඩිවෙලා.

දැන් මොකද නිෂ්පාදකයො කරන්න ඕනෙ?

එයාලගේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනෙ. බලන්න මන්චී ආයතනය බිස්කට් නිෂ්පාදනය වැඩිකරලා 1700 දක්වා. කලින් රූපය බැලුවොත් ඔබට පෙනෙයි, එයාලා හැදුයෙ බිස්කට් 1100යි හැබැයි දැන් ඒක වැඩිකරලා.

දැන් මෙහෙම තීරණ නිෂ්පාදනය වැඩිකිරීමේ තීරණ නිෂ්පාදකයන්ට ගන්න වුණේ ඇයි?
උත්තරය,
පාරිභෝගිකයො තමන්ගෙ තීරණ වෙනස් කරලා ඉල්ලුම වැඩි කරපු නිසා.
පාරිභෝගිකයන්ගේ ඒ තීරණය නිසා නිෂ්පදකයන්ගෙ තීරණ වෙනස්වුණා, අලුත් කරන්න වුණා.

හැබැයි ඒක ස්වයංක්‍රීයව වෙන්නෙ නැහැනේ.

නිෂ්පාදනය වැඩි කරන්න මොකද කරන්න ඕනෙ?
අලුතින් සේවකයො බඳවාගන්න ඕනෙ, අලුතින් මැෂින් ගන්න ඕනෙ, අලුතින් ලොරි ගන්න ඔනේ......
ඒ කියන්නෙ නිෂ්පදන සම්පත් වැඩිකරගන්න ඕනෙ.

මේ නිසාම ශ්‍රමිකයන්ට, ප්‍රාග්ධන භාණ්ඩ වෙන ලොරි, මැෂින් හිමිකරුවන්ටත් මොකද කරන්න වුණේ?
බිස්කට් නිෂ්පාදනය වෙත සම්පත් ගෙනියන්න වුණා.

බලන්න කලින් තිබ්බෙ ලොරි 2යි. දැන් අලුතින් ලොරි හිමිකරුවෙක් ඇවිත් දැන් ලොරි 3යි.
කලින් කිබ්බෙ මැෂින් 10යි. දැන් අලුතින් නිෂ්පාදන සම්පතක් වන මැෂින් 5ක් අරන් මැෂින් 15ක් තියෙනවා.
මුලදී හිටියෙ සේවකයො 100යි ඒත් දැන් ශ්‍රමිකයෝ 50ක් අලුතින් ඇවිත්.

බලන්න පාරිභෝගිකයා කරපු දේ නිසා,
නිෂ්පාදකයාට වගේම නිෂ්පාදන සම්පත් හිමිකරුවන්ටක් බලපෑම් ඇතිවෙලා තියෙනවා.

දැන් අවසාන රූපය දිහාටත් අවධානය යොමුකරන්න.



































මේකෙදි පාරිභෝගිකයො බිස්කට් ඉල්ලුම් කරන්නෙ නැහැ.ඉල්ලුම 0යි.

එතකොට නිෂ්පදකයන්ටත් තීරණයක් ගන්න වෙනවා ඒ මොකද්ද? නිෂ්පාදනය නවත්තන්න.. නිෂ්පාදනයත් 0යි. ඇයි? හදන භාණ්ඩ මිලදී ගන්න පා‍රිභෝගිකයො නැතිනම් භාණ්ඩ හදලා වැඩකුත් නැහැනේ.

හිතන්න ඒ තීරණය ගන්න බලපෑම් කරේ කවුද?
උත්තරය
පාරිභෝගිකයෝ

එහෙම නිෂ්පාදනය වහලා දැම්මම නිෂ්පාදන සම්පත් හිමිකරුවන්ට මොකද වෙන්නෙ?
ඒ කියන්නෙ ශ්‍රමිකයන්ට, මැෂින් වල අයිතිකරුවන්ට, ලොරි වල අයිතිකාරයන්ට?
එයාලා තීරණය කරනවා ඒ නිෂ්පාදනයෙන් අයින් වෙන්න.

මෙහෙම නිෂ්පාදකයනට නිෂ්පාදනය අඩුකරන්න, නිෂ්පාදන සම්පත් හිමිකරුවන්ට ඒ සම්පත් නිෂ්පාදනයෙන් අයින් කරගන්න බලපෑම් කළේ කවු ද? පාරිභෝගිකයෝ.

ඒ කියන්නෙ පාරිභෝගිකයන්ට වෙළඳපළ තුළ බලයක් තියෙනවා.

මෙන්න මෙහෙම පාරිභොග්කයන්ට වෙළඳපළ තුළ තියෙන බලයටයි අපි පාරිභෝගික ස්වාධිපත්‍යය කියන්නේ.

සමස්තය සාරාංශ කරනවා නම්,
නිෂ්පාදකයන්, නිෂ්පාදන සම්පත් හිමිකරුවන් - පාරිභෝගකයන්ගේ තීරණ මත රඳාපැවතීම, පාරිභෝගික ස්වාධිපත්‍යය කියලා හඳුන්වනවා.

No comments:

Post a Comment