නිෂ්පාදන හැකියා මායිම හඳුනාගමු

ආර්ථිකයක නිමැවුම ගැන කථා කරද්දි අපි දැනගත යුතු ප්‍රධාන සංකල්ප 2ක් තියෙනවා.

1) නිෂ්පාදන හැකියාව
2) පවත්නා නිමැවුම

නිෂ්පාදන හැකියාව කියන්නෙ ආර්ථික‍යක තියෙන සම්පත් උපරිම ආකාරයෙන් පාවිච්චි කරලා ආර්ථිකයට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණය.

පවත්නා නිෂ්පාදනය කියන්නෙ ආර්ථිකය ඇත්ත වශයෙන්ම හදන භාණ්ඩ ප්‍රමාණය. සමහර වෙලාවට අපේ හැකියාව ගොඩක් තිබ්බත් ඊට වඩා අඩුවෙන් අපි වැඩ කරන්න පුළුවන්. එහෙම සත්‍ය වශ්‍යයෙන්ම ආර්ථිකය හදන භාණ්ඩ ප්‍රමාණයටයි කියන්නෙ පවත්නා නිෂ්පාදනය කියලා.

උදාහරණයකින් කියනව නම්,
ඩිල්ෂාන් කියන ක්‍රිකට් ක්‍රීඩකයා ගැන කථාකරද්දි එයාට උපරිමේට ක්‍රිකට් මැච් එකක ලකුණු 150ක් ගහන්න හැකියාවක් තියෙනවා.ඒක හරියට නිෂ්පාදන හැකියා වගේ.
රූපය 1
ඒත් යම් තරගාවලියක ඩිල්ෂාන් ගහපු ලකුණු තමයි 23, 34, 02, 98, 100,15 . මේ ලකුණු එයා ඇත්ත වශයෙන්ම ගහපු ප්‍රමාණ හරියට පවත්නා නිමැවුම වගේ.

නිෂ්පාදන හැකියා මායිම අඳින්නෙ ආර්ථිකයෙ නිෂ්පාදන හැකියාව මත පදනම් වෙලා. ඒ කියන්නෙ නිෂ්පාදන හැකියා මායිම අඳින්නෙ ආර්ථිකයට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණය යා කරලයි.

කොහොමද මේ නිෂ්පාදන හැකියා මායිම අඳින්නෙ?


රූපය 2
හිතන්න මට තියෙනවා මෙන්න මේ රූපයෙන් පෙන්නනවා වගේ ඉඩමක්. මට ඔය ඉඩමෙ පොල් වවන්නත් පුළුවන් බටු වවන්නත් පුළුවන්. බටු ඔයාලා දන්නවනේ? (රූපය 1)

දැන් මම මේ ඉඩාම් පොල් විතරක් වවන්න තීරණය කරනවා. ඉඩම හරියටම උපරිමේට පාවිච්චි කළොත් මට වවන්න පුළුවන් උපරිම වශයෙන් පොල් ගස් 30ක් විතරයි. දැන් මම මේ ඉඩම පුරාවට පොල් ගස් 30ක් උපරිමේට ඉඩම පාවිච්චි කරළා වැව්වොත් මට බටු වවන්න පුළුවන් ද? (රූපය 2) බැහැ

රූපය 3
මට ඕනෙනම් මෙහෙම වැඩක් කරන්නත් පුළුවන්. ඒ කිව්වෙ වෙන විකල්පයකට යන්න පුළුවන්. මේ ඉඩමේ බටු වවන්නත් මම හිතනවා.ඊට පස්සෙ මං බටු ගහක් වවන්න මේ ඉඩමෙ කොටසක් යොදවන්න හිතනවා. එතකොට කලින් පොල් වවපු කොටසක තමා බටු ගහ වවන්න වෙන්නේ. එතකොට මොකද වෙන්නෙ? පොල් ගස් ගාන අඩුවෙනවා.අපි හිතමු දැන් ඉඩ තියෙන්නෙ පොල් ගස් 28ට විතරයි කියලා. (රූපය 3)
රූපය 4

රූපය 5
තවත් විකල්ප ගොඩක් තියෙනවා. හිතන්න දැන් මට බටු ගස් 2ක්ම වවන්න හිතෙනවා. හැබැයි දැන් මට පොල් ගස් 28ක් වවන්න බෑ.හේතුව මේ ඉඩමෙන් තව කොටසක් බටු වවන්න දාන්න වෙන නිසා. අපි හිතමු මෙහෙම බටු ගස් 2ත් වවද්දි පොල් ගස් 24ට විතරයි ඉඩ තියෙන්නෙ කියලා. (රූපය 4)

රූපය 6
මෙන්න මෙහෙම නිෂ්පාදනය කරන්න පුළුවන් එක එක විකල්ප තියෙනවා. 





රූපය 5 බලන්න. ඒකෙ බටු 3ක් වවනකොට ඒත් එක්ක උපරිම වශයෙන් හදන්න පුළුවන් පොල් ගණන 18යි.

රූපය 6 දී බටු ගස් 4ක් වවද්දි ඉඩම උපරිම වශයෙන් භාවිත කළොත් ඒත් එක්ක වවන්න පුළුවන් පොල් ගස් ගණන 10යි.

රූපය 7
අපි ඉඩමේ බටු විතරක් වවන්න තීරණය කළොත් අපිට පොල් වවන්න බෑ. හැබැයි බටු 5ක් වවන්න පුළුවන්. ඒක 7වෙනි රූපයෙන් බලාගන්න පුළුවන්.

දැන් මේ ඉඩම උපරිම ආකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන් ආකාරය නැවත සාරාංශ කරන්න.


  • බටු නැතිනම් පොල් 30යි.
  • බටු 1ක් එක්ක පොල් 28යි.
  • බටු 2ක් එක්ක පොල් 24යි.
  • බටු 3ක් එක්ක පොල් 18යි.
  • බටු 4ක් එක්ක පොල් 10යි.
  • බටු 5ක් එක්ක පොල් 0යි.
මේක මෙන්න මෙහෙම වගුවක සටහන් කරන්න පුළුවන්.

ඒක වක්‍රයකින් අඳින්නත් පුළුවන්

මෙන්න මෙහෙම ආර්ථිකයක සම්පත් උපරිම විදිහට පාවිච්චි කරලා ආර්ථිකයකට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ සංයෝග ටික යා කරලා ඉරක් ඇන්දම අපි ඒකය කියනව නිෂ්පාදන හැකියා මායිම කියලා.

For further details please visit www.hiranthaimesh.webs.com or contact us via Facebook by just clicking http://www.facebook.com/pages/Logic-of-Econ/204352526250233?sk=wall

No comments:

Post a Comment