Support this Effort by Promoting this site and our facebook Fan Page
If you have got any important document, idea about econ or logic please send it via email.
contacthirantha@gmail.com
www.hiranthaimesh.webs.com
ඉස්සර මේ ලෝකෙ රටවල් ස්වයංපෝෂිතව හිටියේ. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය භාණ්ඩ සියල්ලම තමන්ම නිපදවාගත්තා. ඒ කාලේ රටවල් හිතුවේ තවත් රටක් එක්ක වෙළඳාම් කරන එක එක් පාර්ශවයකට විතරක් වාසිදායකයි කියලා. හැබැයි මේ මත අයින්කරලා ඇඩම් ස්මිත් නිරපේක්ෂ වාසිය කියන සංකල්පය හඳුන්වලා දුන්නා. ඒකෙන් ඔහු ඔප්පු කළා විදේශ ෙවළඳාමෙන් දෙපාර්ශවයටම වාසි වෙන බව.
නිරපේක්ෂ වාසිය කියන සංකල්පයෙන් සරලව කියවෙන්නේ රටවල් 2ක් භාණ්ඩ 2ක් නිපදවන්කොට එක රටකට අනිත් රටට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් භාණ්ඩයක් නිපදවන්න පුළුවන් නම් ඒ භාණ්ඩය අපනයනය කරලා නිෂ්පාදනය අකාර්යක්ෂම භාණඩය ආනයනය කරන්න ඕනෙ කියන එකයි.
ඒක පැහැදිලි නැතිනම් පහළ රූප සටහන බලන්න.
(වම් පැත්තෙන් ජපානය - දකුණු පැත්තෙන් ශ්‍රී ලංකාව)
මේ රටවල් 2 භාණ්ඩ 2ක් නිෂ්පාදනය කරනවා.
1. කාර්
2. තේ
බලන්න ජපානය කාර් නිෂ්පාදනය කරන්න කාර්යක්ෂමයි ඒත් ශ්‍රී ලංකාව කාර් නිෂ්පාදනය කරන්න අකාර්යක්ෂමයි. මේ නිසා මොකද වෙන්නේ?
*ජපානය ලංකාවට කාර් අපනයනය කරනවා - ලංකාව ජපානයෙන් කාර් ආනයනය කරනවා
දැන් බලන්න තේ නිෂ්පාදනය දිහා,
ශ්‍රී ලංකාව තේ නිෂ්පාදනය කරන්න කාර්යක්ෂමයි ඒත් ජපානය තේ නිෂ්පාදනය කරන්න අකාර්යක්ෂමයි.
මේ නිසා මොකද වෙනනේ?
*ලංකාව ජපානයට තේ අපනයනය කරනවා - ජපානය ලංකාවෙන් තේ ආනයනය කරනවා.
හරි දැන් ආයෙත් ප්‍රශ්නයක් එනවා. ඒක තමයි යම් භාණ්ඩයක් නිපදවන්න කාර්යක්ෂම රට හොයාගන්නෙ කොහෙමද ? කියන එක.
ඇත්ත වශයෙන්ම ඒක හොයාගන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා.
1 ක්‍රමය - යම් සමාන යෙදවුම් ප්‍රමාණයක් මගින් නිපදවිය හැකි යෙදවුම් ආශ්‍රයෙන්
2 ක්‍රමය - යම් සමාන නිමැවමක් ලබාගැනීමට අවශ්‍ය යෙදවුම් ආශ්‍රයෙන්
මේ ක්‍රම 2 හරිම සරලයි. අපි ඒ ක්‍රම 2 ගැන පිළිවෙළට කථා කරමු.
1 ක්‍රමය
මේ ක්‍රමය පැහැදිලි කරගන්න පහළ තියෙන රූප සටහන් 2 බලන්න.
ඒකෙදි ශ්‍රී ලංකාවයි පාකිස්ථානයයි කියන එටවල් 2 ඔරලෝසු, ඇඳුම් කියන භාණ්ඩ වර්ග 2 නිපදවනවා.
එක ශ්‍රමිකයෙක්ට දවසකදි කරන්න පුළුවන් වැඩයි තියෙන්නේ.
ඔබට පේනවා ලංකාවේ ශ්‍රමිකයෙක්ට දවසකදී ඔර්ලොසු 2ක් විතරයි නිපදවන්න පුළුවන්. ඒත් පාකිස්ථාකයේ ශ්‍රමිකයෙක්ට දවසකට ඔර්ලෝසු 4ක් නිපදවන්න පුළුවන්. මේ නිසා ඔර්ලෝසු නිපදවන්න කාර්යක්ෂම කවුද?
ඔර්ලොසු නිපදවන්න කාර්යක්ෂම පාකිස්ථානය. හේතුව එහෙ ශ්‍රමිකයෙක්ට එක දවසකදි, ලංකාවට වඩා ඔර්ලෝසු 2ක් වැඩියෙන් නිපදවන්න පුළුවන්. ඒ හින්දා පාකිස්ථානය ලංකාවට ඔර්ලෝසු අපනයනය කරනවා.
දැන් අවධානය ගෙනියන්න ඊළඟ රූපය දිහාට...
මේ රූපයෙදි ඇඳුම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නිරූපණය කරනවා. බලන්න ලංකාවේ ශ්‍රමිකයෙක්ට දවසකදී ඇඳුම් 5ක් මහන්න පුළුවන්. ඒත් පාකිස්ථානයේ ශ්‍රමිකයෙකුට දවසකදි මහන්න පුළුවන් 1 ඇඳුමක් විතරයි. එහෙනම් ඇඳුම් නිෂ්පාදනය කාර්යක්ෂම කාටද?
උත්තරේ ලංකාවට. හේතුව පාකිස්ථානේ ශ්‍රමිකයෙක්ට වඩා ඇඳුම් 4ක් අපේ ශ්‍රමිකෙයක්ට දවසකදි වැඩියෙන් මහන්න පුළුවන්. ෙම් නිසා ලංකාව පාකිස්ථානයට ඇඳුම් අපනයනය කරනවා.
(බලන්න මේ ක්‍රමයෙදි ලංකාවෙ ඉන්නෙත් ශ්‍රමිකයයි. පාකිස්ථාකයේ ඉන්නෙත් ශ්‍රමිකයයි. ඒ වගේම එයාලට ලැබෙන කාලයත් දවසයි. ඒ කියනනෙ සමාන යෙදවුම් දකින්නට තියෙනවා)
-වෙළඳාම වෙන්නෙ මෙහෙමයි-
2 ක්‍රමය
කලින් වගේම මේකත් රූප සටහන් වලින්ම කථාකරමු.
ඉන්දියාවයි ඇමරිකාවයි කියන රටවල් 2ම ජංගම දුරකථනයි පරිගණකයි නිපදවනවා කියලා හිතන්න.
බලන්න ඉන්දියාවට ජංගම දුරකථනය 1ක් නිපදවීමට ශ්‍රමිකයයො අවශ්‍ය 1කෙනයි. ඒත් ඇමරිකාවට ජංගම දුරකථනය 1ක් නිපදවීමට ශ්‍රමිකයො 2ක් අවශ්‍යයි ජංගම දුරකථනයක් හදන්න.
දැන් එහෙනම් ඔබට පිළිතුරක් දෙන්න පුළුවන් මේ ප්‍රශ්නයට.
ජංගම දුරකථන නිපදවීම කාර්යක්ෂම කාටද? පිළිතුර ජංගම දුරකථන නිපදවීම කාර්යක්ෂම ඉන්දියාවට.හේතුව ඉන්දියාවට 1ක් ශ්‍රමිකයෙක්ගෙන් හදන්න පුළුවන් ජංගම දුරකථනය නිපදවන්න ඇමරිකාවට ශ්‍රමිකයො 2ක් ඕන නිසා. ඒ හින්දා ඉන්දියාවෙන් ඇමරිකාවට ජංගම දුරකථන අපනයනය කරන්න ඕනේ.
දැන් බලන්න පරිගණක....
පරිගණක 1ක‍් හදන්න ඇමරිකාවට ඕනෙ 1ක ශ්‍රමිකයයි. ඒක් ඉන්දියාවට ශ්‍රමිකයො 2ක් ඕනේ. එහෙනම් පරිගණක හදන එක කාර්යක්ෂම කාටද? පරිගණක හදන එක කාර්යක්ෂම ඇමරිකාවට, හේතුව ඇමරිකාවට පරිගණකයක් හදන්න ඕනෙ ඉන්දියාවට වඩා අඩු ශ්‍රමිකයන් ප්‍රමාණයක් නිසා. මේ නිසා ඇමරිකාව ඉන්දියාවට පරිගණක යවන්න ඕනෙ.
(හොඳට බලන්න ෙම් ක්‍රමෙයදි නිමැවුද සමානයි. ඉන්දියාවත් හදන්නෙ දුරකථන 1යි, පරිගණක 1යි. ඒත් ඒ නිමැවුම ගන්න අවශ්‍ය යෙදවුම් ප්‍රමාණය රටින් රටට වෙනස්)
එතැනදි වෙළඳාම වෙන්නෙ මෙහෙමයි.
මෙන්න මෙහෙම තමා නිරපේක්ෂ වාසිය මත වෙළඳාම වෙන්නේ. එක් රටකට එක භාණ්ඩයක් නිපදවන එක කාර්යක්ෂමයි අනික් රටට අනික් භාණ්ඩය නිපදවන එක කාර්යක්ෂමයි. වෙළඳාමෙදි කාර්යක්ෂම භාණ්ඩය අපනයනය කරනවා.
(මේ වෙළඳාම රටවල් වලට වාසි ගෙනෙන හැටි ඊළඟ ලිපියෙදි අපි හඳුනාගමු.)

හොද වැඩක්.....දිගටම කරගෙන යන්න.............
ReplyDeleteහොද වැඩක්.....දිගටම කරගෙන යන්න.............
ReplyDelete